අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී හැට හතර වතාවක් මාතර,දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සංචාරය කර ඇතැයි, වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

ඒ හැට හතර වතාවේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර,දෙනියාය බලා ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “ඪෙල්ල්-414” දරන හෙලිකොප්ටර් යානයෙන් බව අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළිදරව් කර ඇතැයි එම පුවතේ සඳහන් වෙනවා.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී රටේ අනෙකුත් දිස්ත්‍රික්වල මැතිවරණ කොට්ඨාශවල තබා තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලවත්, විශේෂයෙන් ඔහු නියෝජනය කරන මැද කොළඹ ආසනයේවත් හැට හතර වතාවක් නොව දහ වතාවක්වත් සංචාරය කර නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියා ඇතැයිද එම පුවතේ සඳහන් වෙනවා.

එපමණක් නොව මේ කාලය ඇතුළත දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තුරුත් සංචාරය කර නොමැති මැතිවරණ කොට්ඨාශ ඕනෑ තරම් තිබෙන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube