අනුරපුර හිරගෙදර දේශපාලන සිරකරුවන් උපවාසයේ

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අනුරාධපුර බන්ධනාගාරයේ සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු ආරම්භ කළ උපවාසයට දින තුනක් ගතවී ඇත.

නිදහස ඉල්ලා ඔවුන් ගෙනයන අරගලයට සහාය පල කරන දෙමළ පක්ෂ සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ආණ්ඩුව යුක්තිය ඉටු නොකොට කල් මරණ බවට චෝදනා කරති.

බන්ධනාගාරයට ගොස් උපවාසිකයන් මුණගැසී පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විවිධ හේතු දක්වමින් නඩු පමා කරමින් සිටින බවයි.

වසර ගණනාවක් සිරකොට සිටින උපවාසික සිරකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලබාගත් කටඋත්තර මිස අන් කිසිදු සාක්ෂියක් නැති බව මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය.

යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ පොලිසිය එම පාපොච්චාරණ ලබාගෙන ඇත්තේ වධහිංසා පැමිණවීමෙන් බවයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube