අම්මාවරුන්ගේ දිනය ඇරඹුනේ මෙහෙමයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශිෂ්ඨසම්පන්න සංස්කෘතියකට  හිමිකම් කියන ශ්‍රී ලාංකික අපිට අම්මාරුන්ට සලකන්න, අම්මාවරු ගැන කතා කරන්න අමුතුවෙන් දවසක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අවුරුද්දෙ හැම දවසක්ම දරුවන් දෙමාපියන් අතරෙ තියෙන ඒ සබැඳියාව,ආදරණීය සබැඳියාව තියෙනවා. ඒ නිසාම ශ්‍රී ලාංකික අපි දිවිය පුරාම අම්මාට ආදරය කරන ගෞරව කරන හා ඇයට සුභාසිරි පතන ජාතියක් බවට පත්වෙලා තියෙන්නෙ.

නමුත් අම්මා ගැන කතා කරන්න, ඇයගේ මෙහෙවර ගැන කතා කරන්න යුරෝපය ඇතුළු බොහෝ රටවල් ගණනාවක්ම මැයි මාසේ දෙවන ඉරිදා දිනය ලෝක මවුවරුන් ගේ දිනය යනුවෙන් විශේෂයෙන් දිනයක් වෙන්කර ගෙන තියෙනවා.

ආදරයේ උල්පත වූ අම්මාගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන් ලෝකය පෝෂණය වනවා කියලා කියමනකුත් තියෙනවනෙ. ඉතිං කෙනෙක්ට හිතෙන්න පුළුවන් මවුවරුන් සමරන්නට වෙනම දිනයක් මොකටද කියලා. කොහොම වුනත් මවුවරුන්ගේ දිනයෙහි ඇරඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් දක්වා දිව යනවා.

ග්‍රීක හා රෝම ජාතිකයන් දේව සංකල්පය මත පදනම් වූ පිරිසක් විසින් ඔවුන් මාතෘත්වයේ සහ අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය මවුවරුන්ගේ දිනය බවට පත් වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. කොහොම වුනත් පසුකාලීනව එය පැරැණි කිතුණු බැතිමතුන් විසින් ‘මදරිං සන්ඩේ – Mothering sunday’ නමින් පවත්වන උත්සවයක්  බවට පත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.

ක්‍රිස්තු භක්තිකයන් විසින් 1600 දී පමණ එංගලන්තයේ අම්මාවරුන්ගේ ගුණ මෙනෙහි කරමින් ඇරැඹුණු දේව මෙහෙය සහිත සංවත්සරය ඊස්ටර් දිනයට පෙර එළඹෙන දින 40 ඇතුළත සමරා තිබෙනවා. එහිදී කන්‍යා මරියතුමිය යාඥා කරනු ලැබීමෙන් අනතුරුව සෑම කිතුණු දරුවකුම සිය මෑණිවරුන්ගේ ගුණ අගයමින් ඔවුන් වෙත මල් කළඹක් පිළිගැන්වීම සිදුව තිබෙනවා.

එසේම අතීතයේ විසූ රෝම ජාතිකයින් විසින් ඔවුන්ට අනුව දෙවියන්ගේ මවුද මාතෘත්වයේ දෙවඟනද වූ සිබිලි (cybele) උදෙසා පුරා දින තුනක් කෘතගුණ උත්සව පවත්වා තිබෙනවා. ඇගේ ගුණ වයමින් තුති ගී ගයමින් පාද චාරිකාවල යෙදුණු රෝම බැතිමතුන් මෙම පෙලපාලි ඉතා ජයට පවත්වා තිබෙන බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එසේම පසුකාලීනව මව්වරුන්ගෙන් වෙන්ව සිටින රැකියා කරන්නන්,ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැනි අය සඳහා මවුවරුන් සමඟ කාලය ගත කරන්නට ඔවුනට නිවාඩු දින කිහිපයක් ලබා දීමටද කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් එදිනට මල් කලඹක් හා පලතුරු යොදා තැනූ ‘සිම්නෙල්’ නම් වූ විශේෂ කේක් ගෙඩියක් රැගෙන ගොස් තම මව්වරුන්ට ආදරය ප්‍රකාශ කර තිබෙනවා .

කොහොම නමුත් මවුවරුන්ගේ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණේ ඇමෙරිකාවේ විසූ සුප්‍රකට ලේඛිකාවක හා ක්‍රියාකාරිනියක වූ ජූලියා වෝඩ් හුවේ විසින් 1872 වසරේදී බවයි සඳහන් වන්නේ. ඇයට අනුව සෑම වසරකම ජුනි දෙවැනිදා මවුවරුන්ගේ දිනය සැමැරිය යුතු බවත්, එම දිනය සාමය උදෙසා කැප කළ යුතු බවත් ජූලියා යෝජනා කර තිබුණා.

කොහොම නමුත් මවුවරුන්ගේ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණේ ඇමෙරිකාවේ විසූ සුප්‍රකට ලේඛිකාවක හා ක්‍රියාකාරිනියක වූ ජූලියා වෝඩ් හුවේ විසින් 1872 වසරේදී බවයි සඳහන් වන්නේ. ඇයට අනුව සෑම වසරකම ජුනි දෙවැනිදා මවුවරුන්ගේ දිනය සැමැරිය යුතු බවත්, එම දිනය සාමය උදෙසා කැප කළ යුතු බවත් ජූලියා යෝජනා කර තිබුණා.

ඇය විසින් මවුවරුන්ගේ දිනය ප්‍රකාශයට පත්කරමින් සමස්ත ඇමෙරිකානු කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් යුද්ධයට එරෙහිව නැගී සිටින්නැයි ඉල්ලමින් ආකර්ශනීය ලිපියක්ද ලියා තිබෙනවා. පසුව මවුවරුන්ගේ දිනය නිල වශයෙන් පත් කරගන්නට වෙහෙසෙමින් කටයුතු කළ ජූලියා කලක් යනතුරු සෑම වසරකම ජුනි මාසයේ දෙවැනි ඉරිදා දින මවුවරුන්ගේ දිනය සමරා උත්සව සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ඇගේ අදහස ලොව පුරා පැතිරී ගොස් මේ වනවිට මැයි මාසයේ දෙවන ඉරිදා දින අම්මාවරුන්ගේ දිනය ලෙස නම්කර තිබෙනවා. එසේම මේ වන විට ලොව ඇතැම් රටවල් එදින නිවාඩු දිනයක් බවටද පත්කර තිබෙනවා.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube