






පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන මස 5 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙනි.
අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබන 5 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද නොතිසි නිකුත් කෙරිණ.





