එස් බී දිසානායකගේ ප්‍රකාශය ගැන කටඋත්තරයක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

අත් අඩංගුවේ සිටි එල්ටීටීඊ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඝාතනය කරන ලද බව යුද වැදුනු ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙසින් ඉන්නා සමයේ ප්‍රකාශ නොකළේ මන්දැයි එස්බී දිසානායක මන්ත්‍රීවරයාගෙන් ඔහුගේ පක්ෂය විමසයි.

යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව එස් බී දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ පිළිගත්තේ ගිය සතියේය.

එය තරයේ ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශකයා පවසන්නේ රජයේ හමුදා යුද අපරාධ නොකළ බව එදත්, අදත් තම පිළිගැනීම බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ප්‍රතික්ෂේප කිරීමට රාජපක්ෂ සමයේ දී ජිනීවා යවන ලද මානව හිමිකම් බාර අමාත්‍යවරයා වුයේ මහින්ද සමරසිංහයි.

එල්ටීටීඊයේ අම්පාර මඩකලපුව සෙන්පතියා වූ රමේෂ් නමින් ප්‍රකට තම්බිරාජා තුරෙයිරාජසිංහම් යටත්වීමට විනාඩි දහයකට පෙර තමන්ට දුරකතනයෙන් කතා කළ බව මාධ්‍යවේදීන්ට කියා සිටි ශ්‍රීලනිප හිටපු මහ ලේකම් එස් බී දිසානායක භාරවීමෙන් අනතුරුව ඔහු හමුදාව විසින් ඝාතනය කරනු ලැබු බව  මාධ්‍යවේදීන්ට කියා තිබුනි.

ඒ බව ආණ්ඩුව කරන සමයේ නොකී බව ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා පවසයි.

“කර්නල් රමේෂ් ගැන කියන කතාව එහෙනම් ඒ වෙලාවේ ගිහිල්ලා කියන්න තිබ්බනේ,” යි මාධ්‍යවේදීන්ට කී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එම බරපතල ප්‍රකාශය ගැන කටඋත්තරයක් ගන්නට සිදුවනු ඇති බවට විශ්වාසය පල කළේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube