කඩු බෙදා දීමේ ජාතික උත්සවයක්! ගම්මන්පිලගෙන් යෝජනාවක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය. අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමඟ නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා.

එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ නැතුව එතුමාව නිදහස් කළා.

පොලිසියට අයිති දෙයක් නෙමෙයි කෙනෙක් නිදහස් ද නැද්ද කියන එක.

පොලීසිය කළ යුත්තේ විමර්ශණයේ තොරතුරු උසාවියට වාර්ථා කිරීමයි.

උසාවියිය තීරනය කල යුත්තේ නිදොස්ද නැද්ද කියන එක.

රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාගේ කුණු සේදීම සඳහා බිහි කල කුණු ලොන්ඩරිය නමින් රට දන්නා තේරීම් කාරක සභාව සිය වාර්තාව දෙන්නත් කලින් එයාට ඇමති ධූරයකුත් ලැබුණා.

රිෂාඩ්ට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තිබෙන්න බෑනෙ.

ඒ නිසා කඩු බෙදා දීමේ ජාතික උත්සවයක් පවත්වලා, කඩු අත්අඩංගුවට ගැනීම ගැන සමාව අයදිමින් රට පුරා අත්අඩංගුවට ගත් කඩු තොග අයිතිකරුවන්ටම බෙදා දෙන්න කියලා අපි යෝජනා කරනවා.

ඒ වගේම අත්අඩංගුවේ සිටින ජාතික තහුහිද් ජමාත් සාමාජිකයන්ද ඇතුළු ත්‍රස්තවාදී සැකකරුවන් වන්දි සමඟ නැවත පවුලේ සාමාජිකයින්ට උත්සවාකාරයෙන් භාර දෙන්න කියලා අපි යෝජනා කරනවා.

වන්දි ගෙවීම සඳහා දැන් හානි පූර්ණ කාර්යාලය කියල එකකුත් පිහිටුවලා තියෙනවානේ.

එය යටතේ දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමද නීත්‍යනුකූල වී තිබෙනවා.

ඒකත් මදි නම් පාස්කු ඉරිදා පල්ලි ගිය සියළුම දෙනා වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නත් පුළුවන්.”

Facebooktwittergoogle_pluslinkedinrssyoutube