කර්නල් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ ජනතාව විසින් සිරකර තබයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

විශේෂ බලකා ප්‍රධානියෙකු වන කර්නල් රත්නප්‍රිය මහතාට ලැබී ඇති ස්ථාන මාරුව හේතුවෙන් ඔහු සේවය කළ කිලිනොච්චි ජනතාව මහත් කම්පනයට පත්ව ඇති බවට  වාර්තාවේ.

අද දිනයේ අළුත් රාජකාරි ස්ථානයට වාර්තාකළ යුතු කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිරවී සිටී. ඔහුට කිලිනොච්චි  ජනතාවගේ උණුසුම් සමුදීම් හා හැගීම්බර සමුගැනීම් අතර මැදිව තවමත් කිලිනොච්චියෙන් පිටවීමට නොහැකිව සිරවී සිටී.  ඇදහිය නොහැකිය. තමන්ගේ දරුවාට ත් වඩා බන්දුට ආදරය කරන අම්මලා කිලිනොච්චියේ සිටී.

‘අවි රහිත‘ රාජකාරි සංකල්පයක් තමා විසින්ම සාදාගෙන, වසර 6 කට ආසන්න කාලයක් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ සේවය කළේය. යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ‘සීඕ‘ බන්දුය. විශ්වමඩු හා කිලිනොච්චි මිනිසුන් කියන කථා ඇදහිය නොහැකිය. අම්මලාට-පියවරුන්ට ඔහු තමාගේ දරුවෙකි. ආබාධිත එල්ටීටීඊ සෙබළ සෙබළියන්ට ඔහු සහෝදරයෙකි.

පුනරුත්ථාපනය කළ LTTE සාමාජිකයින් නැවත සමාජගත කිරිමෙි පුරෝගාමියා ඔහුයි.අවිආයුධ නොමැතිව 3600කට වඩා පිරිසක් රටෙි ආර්ථිකය ට සමිබන්ධ කරමින් ඔහු ආර්ථිකය නංවන්න උදවි වුනා. විශේෂයෙන්ම දමිල තරැන තරැනියන් කෘෂිකාර්මික කටයුතු වල යොදවමින් ඔවුන් ආර්ථිකය ට සමිබන්ධ කිරිමත් විශේෂයෙන් උතුරේ සංහිඳියාව ඇතිකිරිමට ඔහුතරමි කැපවුන නිලධාරියකු csd එකේ නෑ.  2014 වර්ෂයේ මුලු ආදායම ලෙස ලැබි තිබුනේ මිලියන 53කි.  2017 වර්ෂය අවසාන වන විට ඒ ආදායම මිලියන 1170 දක්වා වැඩි කර ගැනිමට හැකිවුනේ රත්නපිුය වැනි නිලධාරින් සිටි නිසයි.

මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් සුන්දර වූ දෙයක් මිහිමත තවත් නැත. විශේෂ බලකායේ සෙනෙවියෙකුට, සිවිල් ආරක්ෂක බලකායේ ‘නන්දිමිත්‍රි බලඇණියේ නිර්මාතෘවරයාට එල්ටීටීඊ හදවත වන් විශ්වමඩු හී මිනිසුන්ගෙන් මෙවැනි ආදරයක් ලැබීම බොහෝ මිනිසුන්ට තේරෙන්නේ නැත. මිනිසුන් සංහිදියාව නමින් ඉල්ලන්නේ යුක්තිය, සාධාරණත්වයි. එය ලබා දෙන්නේ කවුද? මින්සුන්ගේ හදවත් හි ඒ මිනිසා සදාකාලිකවම ජීවත් වන්නේය.

මේ දැන් කිලිනොච්චියේ හඩා වැලපෙමින් සිහිසුන්ව වැටෙන මිනිසුන් අතර සිටි තවමත් අතරමංව සිටින කර්නල් රත්නප්‍රිය කියාපාන්නේ ඒ සත්‍යයයි

Image may contain: 4 people, people smiling, flower, crowd, outdoor and nature

Facebooktwittergoogle_pluslinkedinrssyoutube