කොළඹ කුණු අර්බුදය දිග් ගැස්සෙන ලකුණු

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

දින කිහිපයක් පුරා කොළඹ ගොඩගැසුණු කසළ අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඊයේ රාත්‍රී 11.30 පමණ වන විට කොළඹ තිබූ කසළ රැගත් තවත් ටිපර් රථ 17ක් අරුවක්කාලු වෙත රැගෙන ගොස් තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ, අද උදෑසන තවත් ටිපර් රථ 7ක් අරුවක්කාලු කසළ අංගනය වෙත පිටත් වූ බව ය.

නිසි පරිදි වෙන් කර රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර විධිමත් ලෙස කසළ මේ අංගනයට බැහැර කෙරෙන බවට බලධාරීන් පැවසුව ද එම කසළ අරුවක්කාරු අංගනයට විධිමත් ලෙස බැහැර කර නොතිබේ.

අරුවක්කාලු කසළ අංගනයේ ඉදිකිරීම් ආරම්භ වූ දා සිට ඒ අවට ප්‍රදේශවාසීන් දිගින් දිගටම වීදි සටන්වලට එළැඹුණේ මේ හරහා සිදු විය හැකි පාරිසරික හා සමාජීය ගැටලු පෙන්වා දෙමිනි.

එවන් පසුබිමක අරුවක්කාලු ප්‍රදේශවාසීන් හා බලධාරීන් එකම වේදිකාවකට ගෙන එමින් 2018 වසරේ නොවැම්බර් මස 01 වන දා ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය පුත්තලම සේරක්කුලිය ගම්මානයේදී පැවැත්විණි.

ජනතාව එදින නිලධාරීන් හමුවේ මතු කළ ගැටලුවලට නිලධාරීන් විවිධ පිළිතුරු ලබා දුන්නත් ජනතාව කී අනාවැකි මේ වන විට සනාථ වී ඇති බව පැහැදිලි කරුණකි.

විධිමත් ක්‍රමවේදයකට කසළ බැහැර කරන බවට එදා පොරොන්දු දුන් නිලධාරීන්ට අද වන විට කියන්නට සිදුව ඇත්තේ මෙවැන්නකි.

මෙවන් පසුබිමක කසළ ගැටලුවට වචනයෙන් එහා ගිය විසඳුමක් ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන් හා නිලධාරීන් අපොහොසත් වී ඇති බව පැහැදිලි කරුණකි.

මේ අතර අදත් කොළඹ තැන තැන කුණු ගොඩ ගැසී තිබිණි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube

Leave a Reply