කෝප් කමිටුව අහෝසියි!මහබැංකු හොරුන් නිදහස්?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ඊයේ (2) මධ්‍යම රාත්‍රි 12න් පසු හදිසියේම පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට තීරණය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර ඇති කමිටු අහෝසිවේ.

ඒ අනුව කෝප් කමිටුවද අහෝසි වන අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කෝප් කමිටු සභාපති ධුරයද අහෝසි වේ.

අද (03) දින පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුව රැස්වී මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර එම සාකච්ඡාවෙන් පසු අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබිණි.

මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම හේතුවෙන් හෙට දින මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික වාර්තාව සම්බන්ධ සාකච්ඡා සිදු නොවන අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහජනතාවට දැනගැනීමට තිබූ අවස්ථාවට ඉදිරි නීතිමය කටයුතු කිරීමට තිබූ අවස්ථාවද මගහැරී යන්නේය.

මීට පෙර එනම් ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින්ද මෙම බැඳුම්කර වංචාවට අදළ පළමු වාර්තාව පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කිරීමට දින නියමව තිබියදී ඊට පෙර එවකට පැවති එජාප ජ් ශ්‍රීලනිප හවුල් පාලනය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් එම වාර්තාවද ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඉන් පසු පත්වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව කෝප් කමිටුව පිහිටුවීමෙන් පසු යළි මුල සිට මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව කෝප් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර මහ බැංකුව විසින් මෙම වෝහාරික වාර්තාව මේ වනවිට කෝප් කමිටුව වෙත් නිකුත් කර තිබෙන්නේ එහි ප්‍රතිඵලක් ලෙස ය.

කෙසේ නමුත් ඉයේ මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නිසා සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවද අහෝසි වන්නේ ය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube