ජනතවගෙන් 45%ක දවසේ අදායම රු.800 ට අඩුයි..!

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

රටේ ජනගහනයෙන් 45% ක දවසේ අදායම රුපියල් 800 ට අඩු ඉතා අවම මට්ටමක පැවතීමෙන් පැහැදිළි වන්නේ රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවයකින් පෙළෙන බව යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා  පැවසීය.

ජන ගහනයෙන් 1.8% ඉක්මවූ අති විශාල පිරිසකගේ දවසේ අදායම රපියල් 300ත් 350ත් අතර වූ ඉතා පහළ මට්ටමක පවතින බව ද කෙනඩි ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රටේ ආර්ථිකයට මේ ඉරණම අත්ව ජනතාව අන්ත අසරණ වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව ගොඩනගා තිබෙන යහ පාලන ආණ්ඩුවට ආර්ථිකය,ආර්ථික ප්‍රතිපත්ති,වැඩ පිළිවෙළ,සැලසුම් සහ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණ ක්‍රියා කිරීමට නොහැකි වී තිබීම නිසා යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

කිසිදු සැලසුමකින් තොරව දිනපතාම වැඩි කරන බදු විශාල ප්‍රශ්නයක් වී තිබෙන අතර ඒ හේතුවෙන් අතවශ්‍ය ආහාර සහ සේවා මිල ගණන් අහස උසට නගිමින් තිබෙන බව පෙන්වා දුන් කෙනඩි ගුණවර්ධන මහතා අතිශය සාමාන්‍ය සහ ලාභදායීම කෑම පාර්සලයක් අවම වශයෙන් රුපියල් 100ක් වන බව ද සඳහන් කළේය.

මහ මාර්ග ඉදිකිරීමේ ව්‍යපෘති ඇතුළු මහ පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවල ඉතාම ලාභ ශ්‍රමයට චීන කම්කරුවන් වැඩ කිරීම ද මේ තත්ත්වයට බෙහෙවින් බලපා ඇතැයි කියා සිටියි මහාචාර්යවරයා එදා මහවැලි යෝජනා ක්‍රමය ඇතුළු මහ පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවල වැඩ කිරීමේ අවස්ථාව දේශීය කම්කරුවන්ට හිමි වූ අතර ඒ හේතුවෙන් ඒ අයගේ අත මිට සරු වූ බව ද සිහිපත් කළේය.

සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රාග්ධන හිඟය හේතුවෙන් කඩා වැටී තිබීම ද මේ තත්ත්වයට බලපා ඇතැයි ද එම ව්‍යාපාරවලට අත හිත දී නඟා සිටුවීම සඳහා රජය මේ වන විට “ENTERPRISE SRI LANKA” වැඩ සටහන ආරම්භ කර ඇතත් එම ව්‍යාපෘතිය පරක්කු වැඩි යැයි ද කෙනඩි ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

“ENTERPRISE SRI LANKA” ව්‍යාපෘතිය රජය ආරම්භ කළ යුතුව තිබුණේ 2015 දී පමණ යැයි ද රජයේ අනෙකුත් සියල්ල වගේම එම ව්‍යාපෘතියත් පරක්කු වුණේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආ විට සිය අත මිට සරු වන බවට එදා සිට තිබූ මතය,විශ්වාසය සහ පිළි ගැනීම මේ වන විට මිත්‍යාවක් බවට පත් කර ඇතැයි ද මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව මගින් නිකුත් කෙරුණු වාර්තාවේ කොටසක් මෙසේය.

A: The World Bank begins measuring global poverty by setting what is known as an absolute international poverty line. The first step is to create a benchmark that is consistent across all countries, using purchasing power parity (PPP) exchange rates. PPP exchange rates are used instead of market exchange rates because they reflect differences in the price of food and other non-tradeable goods, while market exchange rates only apply to goods that are traded internationally.

Between 2008 and 2015 the absolute international poverty line was set at $1.25/day in 2005 dollars. However, in 2015 the World Bank updated this from $1.25 to $1.90 per day, in 2011 dollars, to reflect the changes in the estimated purchasing power of the dollar in poor countries between 2011 and 2005.  In both cases, the line was set based on the national poverty lines of 15 very low-income countries, converted to US$ using purchasing power parity exchange rates (more details can be found here)

Sri Lanka has among the lowest extreme poverty rates among countries in the region, as 1.8 percent of the population were estimated to be extremely poor in 2013. However, living standards remain low, as nearly 45 percent of the population lived on less than $5 per day in 2013.

http://www.worldbank.org/en/news/feature/2017/03/02/part1-understanding-poverty-sri-lanka

Facebooktwittergoogle_pluslinkedinrssyoutube