ජනපති අගමැති තනතුරු හුවමාරුවක සුදානමක්?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

මීලග ජනාධිපතිවරණ සටන එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණයක් සදහා ඉඩ සලස්වා අග්‍රාමාත්‍යවරයා ලෙස වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දිය යුතු බවට යෝජනාවක් සම්බන්දව ආණ්ඩුවේ ඉහල පෙලේ ප්‍රධානින් පිරිසක් සාකච්චා කර ඇති බවට වාර්ථා වෙයි. විශේෂයෙන්ම ජනපති මෛත්‍රි සිය ධුරයෙහි දිවුරුම් දුන් අවස්ථාවේ ජනතාවට ලබා දුන් පොරොන්දුවට අදාලව නැවත ජනපතිවරණ සදහා ඉදිරිපත් නොවීමට ගෙන ඇති තීරණයද නිසාම මෙලෙස තනතුරු හුවමාරුවක් සුදුසු බව අදාල ඉදිරිපෙළ නායකයින්ගේ අදහස වී තිබේ.

යහපාලන මුහුම් ආණ්ඩුව 2025 දක්වාම රැගෙන යාමට වත්මන් රජය සුදානම් බව නි. අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෑතකදී කුරුණෑගලදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මිට මාස කිහිපයකට පෙර මෙම අදහසම රජයට සම්බන්ද දේශපාලන නායකයින් කිහිපදෙනෙක්ම ප්‍රකාශ කර ඇති පසුබිමක 2020 මීලග ජනපති එක් අපේක්ෂයෙක් සම්බන්දව ද අදහසක් ලැබෙමින් පවතී.

පසුගියදා මාතර පවතී උත්සවයක් අතරතුර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද ප්‍රකාශ කර සිටියේ 2020 නියත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද ලබා දිය යුතු ගෞරවය හා ස්ථානය ලබා දිය යුතු බවයි

Facebooktwittergoogle_pluslinkedinrssyoutube

Leave a Reply