ඥානසාර හිමියන් වෙනුවෙන් රවී සටනට බසී

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ඥානසාර හිමිට එරෙහි ලබාදුන් වසර 19ක සිරදඬුවම පිලිබඳ ජනපතිට සහ අගමැතිට කරුණු ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක පවසනවා.

භික්ෂුන් වහන්සේලාට එරෙහිව තීන්දු ලබා දීම පිළිබඳව මහනායක ස්වාමින් වහන්සේලා සමග සාකච්චාකර ක්‍රමවත් ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බව පෙන්වා දුන් කරුණානායක මහතා අධිකරණයකින් ලබා දුන් තීන්දුවක් බැවින් ඒ පිළිබඳව අදහස් නොදක්වන බවත් අවධාරණය කර සිටියා.

හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ උතුරු කොළඹ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube