ත්‍රිරෝද රථයට යටවු අයෙක්ට බරපතළයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

අද (10) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් එම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී ගොස් ඇත.

එහි ගමන් ගත් පුද්ගලයෙකු ත්‍රිරෝද රථයට යටවී බරපතළ තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිකන්ද, සිංහපුර අංක 278 පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube

Leave a Reply