දුම්රිය වර්ජනයේ පාඩුව මංගලගෙන් අයකරන්න – වාසුදේව කියයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

දුම්රිය වර්ජනය නිසා සිදුවූ පාඩුව ඇමති මංගලගෙන් අයකර ගත යුතුබවට පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි

දුම්රිය සේවකයින්ගේ වැටුප් සම්භන්දව ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වීම නිසා දුම්රිය සේවකයින් දින 5ක් තිස්සේ වර්ජනයේ නිරත වී සිටියහ.කෙසේ වෙතත් මේ වන විට වර්ජනය අවසන් වී ඇති අතර දුම්රිය වර්ජනය කි‍්‍රයාත්මක වූ දින කිහිපයේදී රජයට සිදුවූ අලාභය මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් අයකර ගත යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර සදහන් කර සිටී. කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.

‘දුම්රිය වර්ජනය දවස් 05 ක් තිබුනා. මෙයින් පළමු දිනයේ දුම්රිය වර්ජනය හේතුවෙන් අසරණ වුනු අයට උනු පාඩුව කවුද ගෙවන්න ඕනේ. මංගල සමරවීර ඇමතිවරයා කියනවා වර්ජනය අවසන් වන තුරු සාකච්ජා කරන්නේ නැහැ කියලා. නමුත් වර්ජනය තිබෙද්දීම ජනාධිපතිවරයා වර්ජකයින් සමග සාකච්ජා කරලා එයට විසදුම් ලබා දෙන්න පොරොන්දු වෙනවා. කමිටුවක් මගින් තීන්දුවක් මංගල සමරවීර ඇමතිවරයාගේ හිතුවක්කාර තීරණයක් නිසා ආපසු හැරවීම නිසයි දුම්රිය වර්ජනයක් ඇති උනේ. සිදුවුනු පාඩුව රුපියල් මිලියන 70ක් නිසා ඒ පාඩුව ඔහුගෙන් අයකර ගන්න දැන් ක්‍රමයක් හිතන්න ඕනේ’ යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

වර්ජනය හේතුවෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 70කට අධික බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන ලදී.මේ අතර අද දිනයේ සියලූ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන ලදී.අද රාති‍්‍රයේ කොළඹ කොටුවෙන් ධාවනය වන සියලූම තැපැල් දුම්රිය ධාවනයට එක් කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී

Facebooktwittergoogle_pluslinkedinrssyoutube