නීත්‍යනුකූල නොවන රත්‍රං ජාවාරම් මැඬලීමට නියෝග

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ශ්‍රී ලංකාවේන නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ රත්‍රං විදේශගත කිරීම මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (19දා) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල රත්‍රං වෙන්දේසිවලදී මිලදී ගන්නා රත්‍රං නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ මහා පරිමාණයෙන් විදේශගත කෙරෙන බවට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත මේ වනවිට තොරතුරු හෙළිවී ඇති බව කියැවෙයි.

මෙම ජාවාරම මැඬලීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒ වෙනුවෙන් කඩිනම් සහ සංවිධානාත්මකව පියවර ගැනීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube