පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ. 

The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති  මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කර තිබේ.

ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගතකර තිබෙන මෙම චන්ද්‍රිකාව  ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කර ඇත.

එම ගවේෂණ යානය මගින් ඉදිරි වසර දෙකක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට හැකිවනු ඇත.

එම යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළ කරයි.

එසේම එහිදී පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වනු ඇතැයි ද  නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සඳහා මෙම නව චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙතැයි කියැවේ

Facebooktwittergoogle_pluslinkedinrssyoutube