මහ බැංකුවේ හිටපු අධිපතිවරයා අල්ලස් ලබාගත්තේද?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අනාවරණ වේ.

බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ බව අධිකරණයට දැනුම්දී ඇති බවට වාර්තාවේ.

මහබැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතෙන් සිදු කළ පෞද්ගලික වියදම් පියවිම සඳහා එම මුදල් වැය කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරියවූ අමිලා දහනායක , මෙම චෙක්පත් මාරු කිරීම සඳහා කාර්යාල කාර්ය සහකයෙකුට ලබා දී ඇති බව ද  තොරතුරු දත් ආරංචි මාර්ගවලින් වාර්තාවේ..

Facebooktwittergoogle_pluslinkedinrssyoutube