මෛත්‍රී – රනිල් පාලනය රාජපක්ෂ වගේමලු

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ජනවරමට පිටුපා මෛත්‍රී – රනිල් හවුල් පාලනය රාජපක්ෂ පවුල් පාලනය ගෙන ගිය ජාවාරම්, මංකොල්ල, ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම් ඒ ආකාරයට සිදුකරන බව දූෂණ විරෝධි හඬ සංවිධානය අවධාරණය කරයි.

මහබැංකු බැඳුම්කර වංචා ඒ ආකාරයටම සිදුවන බවත්, රාජ්‍ය සමාගම්වල අයිතිය බරපතළ ලෙස මංකොල්ල කා ගැනීම් සිදුවන බවත්, දේශපාලඥයන් නීතියට අත ගසමින් සිටින බවද එම සංවිධානයේ සභාපති පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

රාජපක්ෂ පාලනය පරාජය කර වර්තමාන පාලකයන් බලයට පත් කරගැනීමට ජනතාව කටයුතු කරනු ලැබුවේ දූෂණයට, වංචාවට තිත තබා දූෂිතයන්ට දඬුවම් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවත්, එහෙත් වර්තමාන හවුල් පාලනය ජනතා අපේක්ෂාවන් සුනුවිසුනු කරමින් හොරු සමග හෙළුවෙන් ගමනක් යන බවද ඒ මහතා පවසා සිටියේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

 

Facebooktwittergoogle_pluslinkedinrssyoutube