රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට ලුණු ඇඹුල් ඇතිව හොඳ සංග්‍රහයක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

රජයේ ප්‍රබල අමාත්‍යාංශ දෙකක් හොබවන දකුණේ ජනමාධ්‍යට සම්බන්ධ අමාත්‍යවරයෙකු සිය ගම් පළාතෙන්ම පසුගියදා ලුණු ඇඹුල් ඇතිව හොඳ සංග්‍රහයක් ලැබුණු බව වාර්තා වෙයි.
මේ ඇමතිවරයා නිතරම ජනමාධ්‍ය තුළ හිඳිමින් තමන්ගේ මුහුණත් තහඩුව ඔබා ගැනීමට වෙහෙසෙන්නෙකි. පසුගියදා සිය ගම් පළාතේ කොටහලු මඟුලකට ගිය අතරවාරයේදී සිය පාක්ෂිකයන් වෙතින්ම විරෝධයක් එල්ල වී ඇති වූ බහින් බස් වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා යන්නට ගොස් අවසන් මොහොතේදී නතර වී තිබේ.
සිද්ධිය වූයේ අදාල ඇමතිවරයා කොටහලු මඟුලට පැමිණි පිරිසක් මඟ හැර යාමට උත්සාහ කිරීමේදීය එහිදී එම පිරිස කියා ඇත්තේ, අහ්… ඇමතිතුමා… දැන් අපිව පේන්නේ නෑ වගේ යනවා නේද? කියාය. එහිදී ඇමතිවරයා කියා සිටියේ මට හදිසි වැඩකට දැන් කොළඹ යන්න තියෙනවා කියාය. අහ්… දැන් තමයි ඇමතිතුමාට හදිසි වැඩ… ඡන්දේ කාලෙදි අපි ලඟට බඩගාගෙන ඇවිත් අපිට අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා ඡන්දේ වැඩ කරන්න කිවුවා. අපිත් ඒවා අහලා ඇමතිතුමාට වැඩ කළා. දැන් පැත්ත පළාතක එන්නේ නැහැ. ටෙලිෆෝන් ගන්නේ නැහැ. හම්බුවෙන්න විදියක් නැහැ කියලා පාක්ෂික පිරිස ඇමතිවරයාට දෙසන්නට විය. එහිදී ඇමතිවරයා පවසා සිටියේ නිකන් බොරුවට කෑගහන්න එපා. තව ටික දවසකින් ඔක්කොම හරියනවා
එහිදී පිරිස ආවේගයෙන් කතා කිරීමේදී මෙම ගැටුම ඇතිවී තිබේ බොරෙුවට ෂෝ දාන්න ගිය ඇමතිට අවසානයේ සිදුවූයේ සිය ගමෙන්නම හොඳ හූ සංග්‍රහයක්ද සමගින් ගුටි නොකා කොළඹ දුවන්නටය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube