විජයකලාගේ අමාත්‍ය තනතුර අහිමිවේවිද?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත පණගැන්විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම සුදුසු පියවරගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති උපදෙස් දී ඇති බවට වාර්තාවේ.

යාපනයේදී ඊයේ පැවැති උත්සවයක කතා කළ විජයකලා මහේෂ්වරන්, දෙමළ ජනතාව ආරක්ෂා සහිතව ජීවත්වීමට නම් එල්.ටි.ටි.ඊ.ය නැවත පණගැන්විය යුතු බවට අවධාරණය කළේය.

එම අවස්ථාවේදී ඇය අසළ වේදීකාවේ අසුන්ගෙන සිටී වජිර අබේවර්ධන හා තිලක් මාරපන යන අමාත්‍යවරුන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළද, එය දකුණේ මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ.

ඒ අනුව උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ හා කතානායක කරු ජයසූරිය මහත්වරුන් වෙත ජනාධිපතිතුමන් විසින් උපදෙස් දී ඇති බවට වාර්තාවේ.

 

Facebooktwittergoogle_pluslinkedinrssyoutube