විජයකලාගේ අමාත්‍ය ධූරය අහෝසිකරීමේ ගැසට් නිවේදනය සූදානම්?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

විජයකලාගේ අමාත්‍යධූරය අහෝසිකිරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරීමේ සූදානමක් පවතින බවට වාර්තාවේ.

එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත පණගැන්විය යුතු බවට ඊයේ ඇය විසින් යාපනයේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු පියවරයක් නිර්දේශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අගමැති හා කතානායක වෙත දැනුම්දීමක් කර තිබුණි.

ඒ අනුව ඇය අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවට වාර්තාවේ.

එම දැනුම්දීමත් සමගම විජයකලාගේ අමාත්‍ය ධූරය ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කිරීමට හැකි අයුරින් රජයේ මුද්‍රණායලය සූදානමින් තබා ඇති බවටත් වාර්තාවේ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube