විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේ?

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අද දිනය තුළ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තාවේ.

එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත පණගැන්විය යුතු බවට ඇය කරන ලද ප්‍රකාශයකින් රට තුළ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ දින ඇය හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී සාකච්ඡා කෙරුණු දේවල් ගැන මාධ්‍යයට වාර්තා නොවිණි.

ඒ අතර ඊයේ දිනයේදී ඇය අගමැතිවරයා සමග ඇතිකරගත් එකගතාවයකට අනුව අද තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තාවේ.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ ඇය තම ඉල්ලා අස්වීම නිවේදනය කරන්නට නියමිත අතර, ඉන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට යන බවටත් වාර්තාවේ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube