සාගල එ.ජා.ප.යේ උපනායක තනතුරක් අපේක්ෂා කරයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර සදහා යෝජනා කෙරුණු තරුණු කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා මේ වන විට එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට ආරංචි මාර්ග කියයි.  තවද තමන්ට තනතුරක් ලබාදෙන්නේ නම් පක්ෂයේ උපනායක තනතුරක් ලබා දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔහු ඉල්ලීමක් කොට ඇති බවට වාර්තාවේ.

සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී  තනතුර මෙසේ හදිසියේම  ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම් තනතුර පක්ෂයේ මහ ලේකම් ධූරයට පහළින් තිබෙන තනතුරක් බව දැන ගැනීමෙන් පසුව යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ තමාට තනතුරක් ලබා නොදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර දෙනියායේ සිය මහ ගෙදර බලා ගොස් සිටි සාගල රත්නායක මහතා ගෙවුණු සතියේ කොළඹ පැමිණ තිබේ.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා වෙනදා වගේ දිනපතාම අරලිය ගහ මන්දිරයට නොපැමිණෙන බව අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ දිනවල ඔහු පණිවුඩ හුවමාරු කර ගන්නේ අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා මහත්මිය හරහා බව ද ඔහු සඳහන් කළේය.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube

Leave a Reply