සිරකරු උපාවාසයට මැගසින් රැඳවියන්ද එක්වේ

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

නිදහස ඉල්ලා අනුරාධපුරෙන් ඇරැඹි දේශපාලන සිරකරු උපාවාසයට මැගසින් රැඳවියන් 71 ක්  එක්වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දෙමළ දේශපාලන සිරකරුවන් 12දෙනාගේ නිදහසේ අරගලයට සහාය පලකරමින් මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් 71දෙනාද හෙට (3) සිට උපවාසයට එකතු වීමට නියමිතය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින සමස්ථ දෙමළ දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු සිටින බවත් යුද සමයේ අත්අඩංගුවට ගත් 12000කට අධික කොටි සාමාජිකයින් පුනරුත්තාපනය කොට සමාජ ගතකර ඇති තත්වයක් තුල සුලු පිරිසක් සිර කොට තබා ගැනීම අයුක්තිසහගත බවදේශපාලන සිරකරුවන්ගේ අරගලයට සහය දක්වන පිරිස් වල මතය වේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් මෙම පනත යටතේ බන්ධනාගාර ගතකර සිටින සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවත් රජය ඒ සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියකින් කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ මැදිහත්වීම කෙරෙහිද සතුටු විය නොහැකි බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය කරුණු දැක්වීය.

මීට සමගාමීව ඉදිරියේදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය හා එක්ව අන්තර්
විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය,සම අයිතිය ව්‍යාපාරය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති රැසක් කොලඹදී දැවැන්ත විරෝධතාවකට යාමටද තීරණය කර ඇත.

යහපාලන රජය දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය යට ගැසීමේ අරමුණින් කුමන්ත්‍රණකාරී ලෙස පසුගිය දින වල රංගන ශිල්පිනියක් හරහා මෙන්ම ජූඩ් රත්නම්ගේ පාරාදීසයේ යක්ෂයෝ යන චිත්‍ර පටය වාරනය කරමින් සිංහල බෞද්ධ වාම වාදීන් ගේ හා ප්‍රගතිශීලීන්ගේ කටේ හක්ක පටස් වෙඩිල්ලක් ඔබා තිබේ. මෙහි මූලික අරමුණ මේ මොහොතේ පුලුල් බලවේගයකට ගොනූ වී ඇති දේශපාලන රැදවියන් නිදහස් කිරීමේ අරගලයේ හඬට එරෙහිව සිංහල බෞද්ධ ජාතීවාදීන් යටි රූලෙන් උසි ගන්නා අරගලය කඩාකප්පල් කොට දෙමල රැදවියන් හුදකලා කොට ඔවුන්ගේ සාදාරන නිදහසේ අරගලය පරාජය කිරීමයි. මෙම කුමන්ත්‍රණකාරී කොන්ත්‍රාත්තුව පිටුපස ආන්ඩුව තනතුරු දරමින් සිටින සිවිල් සංවිධාන ක්‍රියා කරුවන් පෙරමුණ ගෙන සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube