ෆෙස්බුක් අලුත් වෙනසින් පේජ් කරන ඇඩ්මින්ලා අනාථයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

මේ දවස් වල ෆේස්බුක් එකේ අලුත් යාවත්කාල (අප්ඩේට්ස්) රාශියක් එනවා. ෆේස්බුක් ආයතනය පවසන්නේ ඔවුන්ගේ සමාජ ජාල මාධ්‍යයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට ඔවුන් එදිනෙදා කටයුතු කරන බවයි.

මේ සමගම පසුගියදා ව්‍යාජ ගිණුම් රාශියක් බුකියෙන් ඉවත් කරන ලදී. ලංකාවේ ව්‍යාජ ගිණුම් හදාගෙන හිටපු අයටත් එයාලගේ ගිණුම් අහිමි වුනේ මේ හේතුවෙන්. තවද ෆේස්බුක් ආයතනය පවසන්නේ සෑම දවසකම ඔවුන් මිලියන දෙකකට ආසන්න ව්‍යාජ ගිණුම් ප්‍රමාණයක් අයින් කරන බවයි.

තවද ෆේස්බුක් ආයතනය විසින් පසුගිය සතිය සිට අලුත් යාවත්කාල (අප්ඩේට්ස්) එකක් ගෙනාවා. ඒ තමයි ‘Explore Feed” කියන එක. ෆේස්බුක් ආයතනය පවසන්නේ, බුකියේ භාවිතා කරන්නන්ට පහසුවක් පිණිස මෙය ගෙනා බවයි.

ඇත්තටම මේක නම් ෆේස්බුක් පිටු කරන අයට සුභ ආරංචියක් නෙවෙයි. එයට හේතුව නම්, ෆේස්බුක් ආයතනය පවසන පරිදි මින් පස්සේ සමාජ ජාල පිටු (පේජ්) වල දාන පොස්ට් කාගේවත් වෝල් එකේ පෙන්වන්නේ නැහැ. සමාජ ජාල පිටු (පේජ්) වල පෝස්ට් බලන්න නම් explore feed එකට යන්න වෙනවා.

සමාජ ජාල පිටු (පේජ්) වල පොස්ට් දකින්න කැමති නැති කට්ටිය නම් මේක සුභ ආරංචියක්. හැබැයි ඉතින් සමාජ ජාල පිටු (පේජ්) කරන බොහොමයක් ඇඩ්මින්ලාට නම් මේක එතරම් ම සුභ ආරංචියක් නොවේවි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube