ත්‍රීරෝද රථ ගාස්තු 26 වනදා සිට ඉහලට

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ලබන 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කර තිඛෙනවා.

එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ දෙවැනි කිලෝ මීටරයේ සිට මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කරන බවයි.
ත්‍රිරෝද රථ නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවා ත්‍රි​ෙරා්ද රථ කර්මාන්තය ආරක්ෂා කළ යුතු බව තම ප්‍රධාන ඉල්ලීම බව පෙන්වා දෙන ජයවර්ධන මහතා විශේෂයෙන් ත්‍රිරෝද රථ අමතර කොටස් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම මෙම මිල වැඩි කිරීමට හේතුව බවයි සදහන් කරන්නේ.

මේ වනවිට වෙළෙඳපොළේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල සියයට 150-200ත් අතර ප්‍රමාණයකින් ඉහළගොස් ඇති බවද ඔහු කියා සිටියා. එම ගැටලුවට 26 වනදාට පෙර විසදුම් නොලැඛෙන්නේ නම් ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීම අනිවාර්ය බවද සංගමය සදහන් කරනවා.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube