ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් මහත්මිය යොදාගෙන තිබූ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම මස මුලදී ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සිදුවීම හා රට තුළ හදිසි නීතිය පැනවීම නිසා සිය සංචාරය කල් දැමීමට ජර්මන් රාජ්‍ය නායිකාව තීරණය කර ඇති බවද එම වාර්තා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයකට අනුව ජර්මන් රාජ්‍ය නායිකාව මෙරට සංචාරය කිරීමට නියමිතව තිබිණි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube