තලවතුගොඩ කාර් අනතුරු ගැන ජනාධිපති නියමයෙන් විශේෂ විමර්ශනයක්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට තලවතුගොඩ කාර් අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා නියෝග කොට තිබේ.
සිදුවීමට සම්බන්ධ විශේෂ කාරනා කිහිපයක් සම්බන්ධව අදාළ විමර්ශනයේදී වාර්තා අවශ්‍ය බවද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත.
ජනාධිපතිවරයාගේ නියෝගය
ඒ, අදාළ මෝටර් රථය අනතුර වූ අවස්ථාවේ පදවා ඇත්තේ කවුද? එහි හිමිකරු කවුද? අනතුර සිදුවීමෙන් පසුව අනතුරට වගකිව යුතු පාර්ශවය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාද? ඊට අදාළව සිදුකර ඇති විමර්ශන මොනවාද? පසුගියදා ජපානයේ සිදුකල නිල සංචාරය අවසන් කර තමන් සමඟ එකට පැමිණෙමින් සිටි තම පුතා වූ දහම් සිරිසේන මෙම මෝටර් රථය පැදවූ බවට පුවතක් නිර්මාණය වූයේ කෙසේද ? යන කාරණා ඇතුළත් සවිස්තර වාර්තාවක්ය.
අදාළ නියමය අනුව මේ වන විටත් එම සිදුවීමට අදාළ තොරතුරු රැසක් ජනාධිපතිවරයාට ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කකර ඇති බවද වාර්තා වෙයි.
බීමතින් රිය පදවා ඇත්තේ කබීර්ගේ මස්සිනා රිකාස් හුසේන් ?
ඒ බව දැනුම්දෙන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය එම අවස්ථාවේ ධාවනය කර ඇත්තේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ මස්සිනා වන රිකාස් හුසේන් නම් ව්‍යාපාරිකයාය.
car 1ඊයේ (17) අලුයම 6.15 පමණ සිදුවූ මෙම අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී මෝටර් රථය තවම ලියාපදිංචි අංක තහඩුව පවා නිකුත්ව නොමැති නවතම රථයක් වන අතර එහි හිමිකරු වන්නේ තවත් ව්‍යාපාරිකයකු වන රිෂාඩ් හමීඩ් නමැත්තෙකි.
කෙසේ වුවත් ඊයේ (17) අලුයම මෙම මෝටර් රථය තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී අනතුරට ලක්වීමට පෙර ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටී ඇති අතර ඒ හේතුවෙන් අධිකව බීමත්ව සිට ඇති ඇමති මස්සිනා දැඩි බියටපත්ව එම ස්ථානයෙන් පලාගොස් ඇත.
අගමැති ඥාතියා රිකාස්ගේ සහයට එයි
පසුව ඔහු තමන් අතින් සිදුවූ අනතුර සම්බන්ධව සිය හිතමිතුරන් දැනුවත් කර උදව් ඉල්ලා ඇත. එහිදී තම ව්‍යාපාරික සගයකු වන නිරෝෂන් විජේසුන්දර නම් ව්‍යාපාරිකයාටද සිදුවීම සම්බන්ධව දැනුම්දී ඇත.
මෙම නිරෝෂන් විජේසුන්දර නැමැත්තා අග්‍රාමාත්‍යවරයාගේ ඥාති සම්බන්ධයක් ඇති අයෙකු වන අතර ඇමති මස්සිනාට BMW රථය ලබාදුන් ව්‍යාපාරිකයා වන රිෂාඩ් හමීඩ්ගේද ගජ මිතුරෙක්ය. ඔවුන් සිය මිතුරා බේරා ගැනීම වෙනුවෙන් පසුව ක්‍රියාත්මකවී ඇත්තේ පළමුව අදාළ අනතුරේ වගකීම ගැනීම සඳහා වෙනත් රියදුරෙකු තලවතුගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.
එහෙත් එහිදී පොලිසිය දැනුම්දී ඇත්තේ අදාළ අනතුර සිදුවීමට පෙර බීමත්ව රිය පදවා ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටී මාර්ග අනතුරක් සිදුකර ඇති බැවින් මෝටර් රථයේ හිමිකරුද පොලිසියට ඉදිරිපත් විය යුතු බවය.Capture3
car 2
අනතුර සිදුකල බවට මේ වන විට චෝදනා ලබා සැකකරුව සිටින ඇමති මස්සිනා වන රිකාස් හුසේන් පොලිසියේ දැනුම්දීම වාහනයේ හිමිකරු වූ රිෂාඩ් හමීඩ් වෙත දන්වා ඇත. ඒ එම වාහනයට අදාළ නිල ලියවිලි තවමත් රිෂාඩ් හමීඩ් සතු , BMW- Bavarian Motors Pvt Ltd ආයතනය සතු බවද සිහිපත් කරමින්ය.
එහෙත් රිෂාඩ් හමීඩ් පොලිසියට ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට අනතුරින් හානියට පත් අනෙක් මෝටර් රථ දෙකට වන්දි මුදල් දීම සඳහා කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ මුල්‍ය උපදේශකවරයෙකු වන තරුණයකු පොලිසියට යැවීමට ඔවුන් කටයුතු කර ඇත.
අනතුරුව ඔවුන් සිය දේශපාලන හිතවත්කම් යොදාගෙන අදාළ මෝටර් රථය දහම් සිරිසේනට අයත් බවටත් අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු එම මෝටර් රථය පැදවූ බවටත් පුවත නිර්මාණය කර තම සමාජ ජාල ක්‍රියාකාරීන් හරහා එය ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත. ඒ පොලිස් විමර්ශන අඩපන කිරීමට සහ අදාළ අනතුරේ චෝදනාවෙන් තම තමන් නිදහස්වීමේ අපේක්ෂාවෙන් යුතුවය.
දහම්ට එරෙහි මඩ පුවත පිටුපස රාජපක්ෂලාගේ FB බලකාය
car 3වාර්තා වන ආකාරයට ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඥාති සම්බන්ධයක් ඇති නිරෝෂන් විජේසුන්දර ද ඔහුගේ හිතවතකු වන මයන්ත දිසානායකද සහය වී ඇති බවට ආරක්ෂක අංශ වෙත අනාවරණය වී ඇති අතර ජනාධිපතිවරයාට එරෙහිව සමාජ මාධ්‍ය ජාල මෙහෙයවන පාර්ශව අදාළ පුවත ප්‍රසිද්ධ කර තිබෙන්නේ ඉන් අනතුරුව බවද හෙළිදරව්ව ඇත.
කෙසේ වුවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පුතාගේ නම ගෑවීම හේතුවෙන් ජනාධිපතිවරයා උරණවී ඇති අතර සිය ජපන් සංචාරය අවසන් කර දිවයිනට පැමිණි වහාම සිදුවීමට අදාළ සියළු තොරතුරු දන්වන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේද ඒ අනුවය.
මෝටර් රථයේ හිමිකරු රිෂාඩ් හමීඩ් සහ රාජපක්ෂලාගේ සම්බන්ධය හෙළිවේ
car 4මේ ආකාරයට අදාළ අනතුරට දහම් සිරිසේන සම්බන්ධ පුවත නිර්මාණය කිරීමට මුල්වූ පාර්ශව පිළිබඳ ආරක්ෂක අංශ සිදුකල විමර්ශන වලදී මෙම රිෂාඩ් හමීඩ් නමැත්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ගේ සමීපතම ව්‍යාපාරික සගයෙක් බව අනාවරණය වී ඇත.
එසේම කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඔහුගේ BMW- Bavarian Motors Pvt Ltd ආයතනය සඳහා මුදල් ආයෝජනය කිරීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා යෝෂිත රාජපක්ෂ විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර රග්බි ක්‍රීඩක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් ද රහස් පොලිසිය මොහුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බවද ආරක්ෂක අංශ ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන්න – ජනාධිපති
ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා, තම පුතා වුවත් වරදක් කර ඇති බවට තහවුරු වනවා නම් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට තමන් බාධා නොකරන නමුත් නිකරුණේ සිය දරුවන් අපවාදයට ලක්වීමට ඉඩදිය නොහැකි බවත් හේතුවෙන් තම පවුලේ කීර්තිනාමය කැතකර නම රැකගන්නට උත්සාහ කළ සියළු දෙනා නීතිය හමුවට පමුණුවන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි
මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි : අගමැතිට හෝ ඇමතිට මඩ ගහන්න එපා – ජනාධිපති
එසේම අගමැතිවරයාගේ ඥාති සම්බන්ධයක් ඇති මෙන්ම ඇමතිවරයෙකුගේ ඥාති සම්බන්ධයක් පැවතීම නීතියෙන් ගැලවීමට වරප්‍රසාදයක් නොවිය යුතු බවත් වරදක් කර ඇති කවුරු වුවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
එසේම අදාළ සිදුවීම මුල්කරගෙන අගමැතිවරයා හෝ අදාළ අමාත්‍යවරයාට මඩ ගසමින් දේශපාලනීකරණය නොකරන ලෙසත් කොහෙවත් යන නොසන්ඩාලයින් නිසා දේශපාලනඥයින් ජනතාවගෙන් බැනුම් අසන්නේ වරද කළවුන්ට එරෙහිව නීතිය අකුරට ඉටු නොවන නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.
Facebooktwittergoogle_pluslinkedinrssyoutube